
බලාගත්අත බලා ඉන්නවා,
යන්නම්වාලේ යනවා.
ජීවත් වෙන්න ඕනකමට ජීවත් වෙනවා.
ජීවිතෙ කිසිම අලුත් බවක් නෑ...
යන්න ඕන කොහේද කියල තේරුමක් නෑ
ජීවිතේ හිස් වසරින් වසර ගෙවෙනවා..
ඒ කියන්නෙ දින 365ක්ඒ වගේ වසර 3ක් 4ක් ගෙව්නා.........
ඒ කියන්නෙ දින දහස් ගානක්! ජීවිතේ මොනවද අලුතින් අලුත් උනේ...
මොනවද ඉගෙන ගත්තේ... මොනවද කළේ මොනවද සතුකර ගත්තේ... ??
කිසිම දෙයක් නැහැ.... හිස්බව විතරයි.......
ජීවිතේ කියන්නේ මේකට නෙවෙයි, ජීවත් වෙනව කියන්නේ මේකට නෙවෙයි.
ජීවිතේට මීට වඩා තේරුමක් ඕනේ.......
ජීවිතේට නිකන්ම තේරුමක් එන්නෙ නැහැ,
ජීවිතේට තේරුමක් දෙන්න ඕන..
අරමුණක් නැති ජීවිතේ ලිපිනය නොලියා තැපැල් කරපු ලියුමක් වගේ
යන අතක් නැහැ... අනාතවෙනව විතරයි...
ජීවත් වෙන්න තව වසර 40ක් තියෙනව කියමුකො...
එක වසරකට එක අරමුණක් ගානෙ ඉටුකර ගත්තොත්,
ජීවිතේ අරමුණු 40ක් ඉටුවෙනවා...අරමුණු 40ක් නෙවෙයි,
අරමුණු 5ක් ඉටුකර ගත්තොත් ජීවිතේට සෑහෙන දේවල් ලැබෙනවා...
ඒ ලැබෙන දේවල් මොනවද කියල ඔබට හිතාගන්නවත් බැහැ...
ඒත් අරමුණක් ඉටුවෙද්දි ජීවිතේ සෑහෙන දුරක් ඉස්සරහට යන්න...
අද අපේ ජීවිතේ එක තැන බ්රේක්ඩව්න් වෙලා
මදවලක පල් වෙනව ඒක මේ හිස් බව අපේ ජීවිතේ අරමුණක් හදා ගමු...
හිත තියෙනවනම් අරමුණු කොච්චර තියෙනවද?
මගේ හිතටත් හිතුනා කම්මැලිකමේ ඉන්නවට වඩා, මෙහෙම දෙයක් කරන්න......
4 comments:
අහා සෙව්වන්දිත් එහෙනම් බ්ලොග්කරණයට පිවිසුනා. හොඳයි සින්ඩියට දැම්මේ නැද්ද තාම. දිගටම ලියන්න අපි ඇවිත් යන්න එන්නම් :)
අනිවා ඩෙෆා මාත් එනව අතීතය අමතක කරන්න බෑනෙ මොනා උනත් 2009 03 31 අමතක කරන්නෙ කොහොමද?
ලස්සන අදහස් ගොන්නක්.....දිගටම ලියන්න....උණුසුම් ශුභ පැතුම්....
"ඒ කියන්නෙ දින දහස් ගානක්! ජීවිතේ මොනවද අලුතින් අලුත් උනේ...
මොනවද ඉගෙන ගත්තේ... මොනවද කළේ මොනවද සතුකර ගත්තේ... ??
කිසිම දෙයක් නැහැ.... හිස්බව විතරයි......."
සමහරුන්ට ඔය ටික තේරුම් ගන්න මැරෙනකල්ම බෑ සෙව්වන්දි. ඉතින් ඔයාට ඒ ටික තේරෙන එකම කොයි තරම් ලොකු දෙයක්ද? ජීවිතේ මොන අරමුණට ලඟා උනත් ආපහු හැරිල බලද්දි ඒ හිස්කම දැක ගන්න පුළුවන්. සුබ පැතුම්...
Post a Comment